තරිඳු ජයවර්ධන
පළාත් පාලන මැතිවරණය සඳහා පළමු අධියරේ නාමයෝජනා භාර ගත් අවසන් දිනයවූ සිකුරාදා නීති විරෝධී පෙළපාළි පැවති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.
එම නීති විරෝධී පෙළපාලි නතර කිරීමට නොහැකි වූයේ ඇයිදැයි මැතිවරණ කොමිසම පොලිසියෙන් වාර්තාවක් කැඳවා තිබේ.
බදාදාට (20) පෙර රම වාර්තාව එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පති පූජිත් ජයසුන්සර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

