පෙළපාළි ගියොත් සාකච්ඡා නෑ


පෙළපාළිවලින් හෝ පා ගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එන අයගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඉඩ නොදීමට අධ්‍යාපන ඇමැති තීරණය කළැයි අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කියයි. ලිඛිතව හෝ දුරකතනයෙන් සාකච්ඡා සඳහා දින ලබාගත හැකි බව ද ඔහු පවසයි. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පළමු වසරේ ශිෂ්‍යයකු නවක වදය දුන් බව කියන සිසුනට එරෙහිව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.