ඉන්දිකා රාමනායක
මැතිවරණයක් ප‍්‍රකාශයකට පත්කර ඇති අවස්ථාවක පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පෙළපාලි තහනම් බවත් අධිකරණ වාරණ නියෝග නොතකා සිසුන් ඇතුලූ පිරිස විරෝධතා පවත්වන්නේ නම් එය විසුරුවා හැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
නාමයෝජනා පළමු දින සිට ඡන්ද විමසීම පසුදින කාලය පුරාවට මෙම තහනම කි‍්‍රයාත්මක වන බවත් මේ සඳහා ආධාර අනුබල ලබාදෙන පුද්ගලයින්ට , වාහන ලබාදෙන පුද්ගලයින්ට එරෙහිවද නීතිය කි‍්‍රයාත්මක කරන බවද හෙතෙම කීය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය හෙට කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතාවට සම්පුර්ණයෙන්ම වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මැතිවරණ නිතියට යටත්ව එය සාමාකාමිව පවත්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එ අනුව මෙම උද්ඝෝෂණ ආරම්භයේ සිට විසුරුවා හැරීමට කි‍්‍රයා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

