පෙස්ටස් පෙරේරා මියයයි


ජේ ආර් ජයවර්ධන රජයේ හිටපු ධීවර අමාත්‍යවරයකු වන පෙස්ටස් පෙරේරා මහතා (82) අභහප්‍රාප්ත විය. ජනප්‍රිය දේශපාලනඥයකු වූ ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ ඉඟුරු කල්ලියේ සාමාජිකයෙකි.

ඔහු නීතීඥවරයෙකි. දෙදරු පියෙකි. ඔහුගේ බිරිය මේරි ලැරීන් පෙරේරා ද මන්ත්‍රීවරියක වූවාය. ඔහුගේ පුත් නිරෝෂන් පෙරේරා පුත්තලම දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

වෙන්නප්පු නගර සභාවෙන් 1959දී දේශපාලනයට පිවිසියේය. විදුලිබල, බලශක්ති, රාජ්‍යපරිපාලන හා ස්වේදේ ඇමති තනතුරද දැරීය.