පෙරියාරු ගඟේ එරී මිය ගිය අලින්ගේ ගණන 9 දක්වා ඉහළට


(ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)

පෙරිය ආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී දියේ ගිලී මියගිය අලින්ගේ ගණන 09 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

අලින් 08 දෙනෙකුගේ මළසිරුරු මීට පෙර හමුවූ ස්ථානයේ බහුලව වැවී තිබෙන ජපන් ජබර ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමේදී මියගිය අලි පැටවකුගේ මළසිරුරක් අද (05) හමුවූ බව පොළොන්නරුව කලාපය බාර වන ජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජේ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අද (05) හමුවූ අලි පැටවා අවුරුදු 02 ක් පමණ වය සැතිය.මීට පෙර මළසිරුරු හමුවූ අලි රංචුවටම අයත් පැටවෙකු බවට විශ්වාස කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

ඇතැම් විට මිය ගිය තවත් අලින්ගේ මළසිරුරු මේ ජලජ ශාක අතරේ සැඟවී තිබෙන්නට ඉඩ ඇති බවට වනජීවී නිලධාරීහු සැකකරති.

පෙරිය ආරු ගඟේ තුන් මෝදර ප්‍රදේශයේ ජලජ ශාක ඉවත් කිරීම තව දුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බව වන ජීවී සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පැවසීය.