ගිනිගත්හේන සිට මහනුවර දළඳා පෙරහැර බැලීමට පැමිණි පිරිසක් රැගත් කාර් රථයක් අද (24) සවස මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගිනි ගත් බව පොලිසිය කියයි.
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කසුන් විරාජ් හා ඔහුගේ බිරිඳ, දරුවන් මෙම රථයේ සිටි අතර ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවීය. මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය මගින් ගින්න නිවා දැමිණි.





