පෙරපාසල් ගුරුවරියන්ට 2500 ක දීමනාවක්


( රංජන් කස්තුරි )

 ලියාපදිංචි පෙරපාසල් ගුරුවරියන්ට මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

 ඒ අනුව සෑම පෙරපාසල් ගුරුවරියකටම ජූනි මාසයේ සිට එම දීමනාව හිමිවන බව කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි .