පෙරටුගාමී පක්ෂයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක්


( ඩී.කේ.රත්න )

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් මෙවර 2020 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මධ්‍යම කමිටුව මේ වනවිටත් කටයුතු  කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (15) පැවසීය.

මේ රටට වාමාංශික දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය තදින්ම පැවතීම නිසා මේ වන විට ඉතා ප‍්‍රබල ලෙස වාමාංශික දේශපාලනයේ නියලෙන තම පක්ෂය තරගයක් දිය හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.

තම පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නුදුරු දිනයකදී කොළඹදී පවත්වන දැවන්ත සමුළුවකදී ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වතු කම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා පැවසීය.