පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලයය යාපනය ස්ටැන්ලි පාරේ ආරියකුලමේ දී විවෘත විය.
පසුගිය කාලයේ පැහැරගැනීමට ලක්වූ මුරුගානන්දන් කුගන්ගේ දියණිය සාරංගා පීත්ත පටිය කපා නව ඡන්ද කාර්යාලයය විවෘත කළේය.
කොමියුනිස්ට් පක්ෂයේ චීන පාර්ශවයේ එන් ශන්මුගදාසන් සහෝදරයාගේ කාර්යාලයය පිහිටා තිබු ස්ථානයේම නව කාර්යාලයය වීවෘත කළ බවත් මෙය යාපනයේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා පැවසීය.
මෙසේ යාපනයේදී ආරම්භ කරනුයේ වසර 80ක් පැර‚ ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සාධනීය උරුමය උකහා ගන්නා අතරම එහි සීමා ජයගන්නා නව වාම දේශපාලනය බවත් වැඩිදුරටත් හේ පැවසීය.
පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධර්මලිංගම් කිරුබාහරන් මහත්වරු ඇතුළු යාපනයේ පැරණි වාමාංශිකයෝ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ ද එහි වූහ .





