පෙර පාසල් දැරියකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)


අවුරුදු පහක පෙර පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන 48 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලවැවදී අත් අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.


මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.


දැරියගේ නිවස අසළම පදිංචිව සිටින සැකකරු නිවසේ මිදුලේ තනිව සෙල්ලම් කරමින් සිටි දැරිය අපයෝජනයට ලක් කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් දැරිය ගේ පියා විසින් පොලිසිය කළ පැමිණිල්ලක් මත සැකකරු  අත් අඩංගුවට ගෙන තිබුණි.