පෙම් හබයකින් හිමිනමක් කොස්තාපල්ට පිහියෙන් ඇනලා


(ඉන්දිකා රාමනායක , ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඩී.ජී. සුගතපාල)

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ දී අද  පස්වරුවේ හිමිනමක  තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල ප්‍රදේශයට එල්ලකළ පිහි පහරකින් තුවාල ලබා කරාපිටිය රොහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (37) හැවිරිදි විවාහක කොස්තාපල්වරයකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතල හේතුවෙන් දෙනියාය රෝහලින් කරාපිටිය රොහලට මරුකර ඇති බවද පොලිසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා හිමිනමගේ 20 හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග සම්බන්ධයෙනක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද පස්වරු 1.00 ට පමණ දිවා සංචාරයේ යෙදී සිටින අතරතුර කොස්තාපල්වරයා ඉහත තරුණියගේ නිවසට ගොස් ඇති බවත්, එහිදී හිමිනම ඇමැතුමක් ලබා දෙමින් සුක්ෂම ලෙස පොලිස් කොස්තාපල්වරයා පල්ලේගම ගංගොඩඩපාරේ වැඩිහිටි නිවාසය ආසන්නයට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් බහිස්බස්වීම අතරතුර හිමිනම ඔහුගේ මල්ලේ සඟවාගෙන සිටි පිහියෙන් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පිහිපහර එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කර ඇති අතර, කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල හේතුවෙන් ඔහු කරාපිටිය රෝහලට මාරුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිමනම් පිහිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත . මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන (18) හැවිරිදි හිමිනමකි.