(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
තම පෙම්වතිය සමඟ ගාල්ල ධර්මපාල උද්‍යානයේ පෙම් සුව විඳිමින් සිටියදි පෙම්වතා පැමිණි යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
පෙම්වතා මොරටුව ජර්මන් ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙකි. ඔහු තමාට අයත් බජාජ් පල්සර් වර්ගයේ යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයට පැමිණ එහි පළමු ගේට්ටුව අසළ යතුරුපැදිය නතරකර ධර්මපාල උද්‍යානයට ගොස් ඇත.
පසුව ඔවුන් ධර්මපාල උද්‍යනයේ සිට දහවල් 12.40 ට පමණ ආපසු පිටත් වීම සඳහා පැමිණ බලනවිට යතුරුපැදිය එහි තිබි නැත.අනතුරුව යතුරු පැදිය කිසිවකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම යතුරු පැදිය 2016 වර්ෂයේ දි මිලදිගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් 2.65000ක් පමණ වන බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ. ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.