රංජිත් රාජපක්ෂ
පෙපර්මින්ට් යැයි සිතා චොකලට් සමඟ අධික ලෙස පැරසිටමෝල් පෙති ආහාරයට ගත් කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද (06) මිය ගොස් ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි ශ්‍රි මනෝක්‍රිෂ්ණන් මර්වින් නැමති අවුරුදු 4 ½ වයසැති පිරිමි දරුවෙකි.
නිවසේ තිබූ පැරසිටමෝල් පෙති රැගෙන චොකලට් සමඟ මෙම දරුවා අහාරයට ගනිමින් සිටියදී ඒ බව දුටු මිය ගිය දරුවාගේ මව සහ පියා දරුවාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු දරුවා වැඩි දුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මස්කෙලිය පොලිසිය පැවසීය.