පෙට්‍රල් බෝම්බ 56ක් සමඟ නවයක් සැකපිට


පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු හිංසාකාරී අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

මෙම අවි හදමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම ස්ථානය ද සොයාගෙන ඇති බවත් පොලිසිය පවසයි. යුද හමුදාවේ ද සහායෙන් එහි තවත් එවැනි දෑ ඇත්දැයි සොයා බැලීමට ක්‍රියා කළ බව පොලිසිය සදහන් කරයි.

ඇලවංගු තුනක්, අත් කෙටේරියක්, තුවක්කු ස්වරූපයේ යකඩ බට දෙකක්, වැලි උරයක් ඒ අතර වූ බව පොලිසිය කියයි.

කුවක්කු ස්වරෑපයෙන් නවා ඇති යකඩ බටවලට වීදුරුකටු ආදිය පුරවා තිබූ බව ද සොයාගෙන ඇත.