පෙට්‍රල් අර්බුදයට තෙල් සංස්ථාව වගකිව යුතුයි


(රංජන් කස්තුරි)

පෙට්‍රල් අර්බුදයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

ඒ පිළිබඳව සොයා බැලෙන පරීක්ෂණ කමිටුව මගින් වරදකරුවන් හෙළිකර ගත හැකිවනු ඇතැයි ද එහිදී දයාසිරි ජයසේකර මහතා කීය.

ප්‍රතික්ෂේප වූ තෙල් නැව වෙනුවට වෙනත් තෙල් නැවක් ගෙන්වීම මෙතරම් දින ගණනක් ප්‍රමාදවීම පිළිබඳව සැක මතුවන බවද ජයසේකර මහතා පැවසීය.