පෘතුවියට නිවුන් සහෝදරයෙක්?


අපේ ලෝකය මෙන් දෙගුණයක් විශාල ග‍්‍රහලෝකයක් අලෝක වර්ෂ 600 දුරින් පිහිටා ඇතැයිද ”කෙප්ලර් 22 බී” යනුවෙන් නම්කළ එම ග‍්‍රහ ලොවේ මහාද්වීප, මුහුදු ද ජලය ද ඇති නිසා ජීවින් ද සිටිය හැකි බව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ කියති.  නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයෙන් සොයාගත් මේ නව ග‍්‍රහයා පොළොවේ නිවුන් සහෝදරයා සෙවීමේ යෝධ පිම්මකියි නාසා විද්‍යාඥ ඩග්ලස් හජින්ස් කියයි.