පුනෑව නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කොමදෝරු චන්දන හේවාගජමන්ගේ අනුරාධපුර රෝහලේ සිටියදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. පසුගිය සෙනසුරාදා ඔහු විසින් පැදවූ නාවික හමුදා රිය අනුරාධපුර යාපන හන්දිය අසල හතරස්වෙල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ හැපීමෙන් නාවික හමුදා භටයෙක් මියගොස් ඔහුගේ බිරිය ඇතුළු හය දෙනෙක් තුවාල ලදහ.