පූජ්‍ය පක්ෂයට ඖෂධ සඳහා සියයට 5ක වට්ටමක්


(ඩයනා උදයංගනී)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් මගින් ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය ස`දහා 5% ක වට්ටමක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව පූජ්‍ය පක්‍ෂයේ අය සඳහා එම සහනය ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා ට අද (25) උපදෙස් දුන් බව එම අමාත්‍යාංශයයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විටත් ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප‍්‍රසාද කාඞ්පත් හිමියන්ට මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ මිලදී ගැනීමේ දී 5% ක වට්ටම් මුදලක් ලබාදෙන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.