පූජක පොලිස් වෙසින් කප්පම් කන්න හදයි


රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හෙට්ටිආරච්චි සහ රහස් පොලිස් ස්ථානාධිපති යැයි කියමින්  කොළඹ ගුවන් ටිකට් පත් අලෙවි කරන ඒජන්සිකරුවකුගෙන් රුපියල් දෙලක්ෂයක කප්පම් ගන්නට ගිය බව කියන දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

සහකාර පොලිස් අධිකාරී ලෙස පෙනී සිටි පුද්ගලයා ආගමික සභාවක පූජකයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.