පුහුණු වීම් අතර තුර සිවිල් ආරක්ෂක භටයෙක් මිය යයි


 ( ජුඩ් සමන්ත.)
කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවු‍රේ පුහුණු කටයුතුවල නිරත වෙමින් සිටි සිවිල් ආරක්ෂක උප නියාමකවරයෙකු හදිසියේ ඇතිවූ රෝගාබාධයකින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ නාරම්පනාව - මොනරාගල පදිංචිව සිටි සිවිල් ආරක්ෂක උප නියාමකයෙකු වන (59494) රණහාමි බණ්ඩාරලාගේ ගුණපාල (අවු:41) නම් අයෙකි.
මිය ගොස් ඇති අය කල්පිටිය - කන්දකුලියේ පිහිටි සිවිල් ආරක්ෂක පුහුණු කදවුරේ පුහුණුවීම් කරන අතර තුර ඇති වූ අසනීප තත්ත්වයකින් කල්පිටිය දිසා රෝහලට ඇතුළු කර ඇති අතර ඒ වන විටත්  ඔහු මිය ගොස් සිටි බව පොලීසිය පවසයි.