පුහුණු එක්දින තරගයට වර්ෂාව හරස් වෙයි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ‍්‍රලියානු අගමැතිනියගේ පිල අතර අද (3) කැනබරාහිදී පැවැත්වීමට තිබු පුහුණු එක්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව නිසා අත්හිටුවීය. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ මස 8 වැනිදා ආරම්භවන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවීමට තිබු පුහුණු තරගය මෙයවේ.

