පුස් සෝස් ඇළකන්දෙන් සොයා ගනී


ඩුබායි රාජ්‍යයෙන් ගෙන් වු බව කියන පුස් බැඳුණු සෝස් බෝතල විසිදහසක් පමණ වත්තල ඇළකන්දේ ගබඩාවකින් හා අසල කඩ වලින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

ලබන ඔක්තෝබර් මාසයේ කල් ඉකුත් වීමට නියමිත බව ලේබල වල සඳහන් වුවත් එම සෝස් පුස් කා ඇති හෙයින් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බව පාරිභෝගික අධිකාරිය පවසයි.