(එස්. ඩි .කොඩිකාර )
කොරෝනා වයිරසය නිසා මහජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ පරිභෝජනයට නුසුදුසු පුස් කෑ පරිප්පු අලෙවි කරමින් සිටි මොරවක වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවක පදිංචි වෙළඳ සැල් හිමියෙකි.
මොහු මෙම පරිප්පු අලෙවි කර ඇත්තේ රුපියල් 100 ට සැමන් ලබා දෙනුයේ මෙම පරිප්පු මිලදී ගන්නන්ට පමණක් බව පවසා ඒවා අලෙවි කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි .
මෙම පරිප්පු තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් පරිභෝජනයට නුසුදුසු විශාල පරිප්පු ප්‍රමාණයක් අලෙවි කරන්නට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශ්වාස කරයි.
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හර්ෂ ලුණුවිල මහතාගේ උපදෙස් පරිදි මොරවක කොට්ඨාස භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක එච්.එල්. රචිත මහීෂාන් පිටබැද්දර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්ලිව් .අමිල සාරංග යන මහත්වරු විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් වෙළදසැල් හිමියා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

