පොළොන්නරුව තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරණ බත් දන්සල අද පොළොන්නරුව පරාක්‍රමසමුද්‍රය අසළ ඓතිහාසික වටදාගෙය ඉදිරිපිට දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කැරිණි. 50 වැනි වරට පැවැත්වෙන මේ දන්සල ආරම්භකරමින් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වීය. දින හතරක් පුරා දිවා රාත්‍රී මේ බත් දන්සල පැවැත්වෙයි.




