පුරාවිද්‍යා ස්ථාන හානි කිරීමේ දඩ මුදල වැඩි කරයි


(අජන්ත කුමාර අගලකඩ)

පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට පැනවෙන දඩ මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 20,000 අවම දඩ මුදල රුපියල් ලක්ෂ පහ දක්වාද රුපියල් 100,000ක් ලෙස පැවැති උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 20 දක්වාද වැඩි කෙරෙනු ඇත.