(විනීතා එම් ගමගේ )
විජිතපුර , බැලූම්ගල නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම ඩෝසර් කර ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එහි පවරා ගැනීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසුව යැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහචාර්ය පී බී මණ්ඩාවල මහතා ලංකාදීප කළ විමසීමක දී පැවැසීය.
මෙම පුරා විද්‍යා භූමිය විනාශ කිරීම වැළැක්වීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ප්‍රදේශය භාර ග්‍රාමසේවකට පැවැරෙන බවත් එම වගකීමෙන් ඔහුට මිදිය නොහැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
රජයේ ඉඩම් හිමි ප්‍රාදේශීය ලේකම්වරයාට බව සැබෑ නමුත් යම් කටයුත්තක් කිරීමේ දී බලපෑම් තක්සේරු වාර්තාවක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා එය ලබා ගෙන නැතැයි ද මණ්ඩාවල මහතා කීය.
1998 දී එවකට එහි සිටි ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කර එය පුරා විද්‍යා වටිනාකමක් ඇති භූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවත් එම කටයුතු සිදුවෙමින් පවතිද්දී මෙසේ පුරාවස්තු වැනසෙන පරිදි ඩෝසර් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම විනාශය මුලින්ම දැනගත්තේ ද පුරාවිද්‍යා නිලධාරින් විසින් යැයි කී ඒ මහතා මුලින්ම පොලිසියට පැමිණිලි කළේ ඔවුන් විසින් යැයි ද පැවැසීය.