පුරාවස්තු කැණිම් කළ හිමිනමක් අත්අඩංගුවට


 
 (රත්න වීරසිංහ සහ පස්සර- කපිල ගුණසිරි )
 
පස්සර කහටරුප්ප ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඌරුමීතැන්න පුරාණ ගල්ලෙන් විහාරයේ ලෙන් ගුහා තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැකපිට භික්ෂූන් වහන්සේ නමක් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 
 
එම විහාරයේ ලෙන්ගුහා තුළ කැණීම් සිදුකර ඇති බවට ලැබුණු තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය විසින් එහි විමර්ශන ආරම්භ කර තිබිණි.
 
සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම මාස දෙකකට අධික කාලයක් අතුරුදන්ව සිට ඇති අතර පසු යළි එම භික්ෂුව විහාරස්ථානයට පැමිණි  අතර ඒ පිළිබඳව ගැමියන්ගෙන්  ලද තොරතුරු මත  භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගෙන තිබේ.