(දයාරත්න ඇඹෝගම)
චින ජාතිකයෙකුට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු පුරාවස්තු දෙකක් සමඟ සැකකරුවෙකු හොරොව්පතාන වාහල්කඩදි අත් අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලැව වාහල්කඩ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
හොරොව්පොතාන පොලිසියට ලද තොරතුරක් මත වාහල්කඩ ප්‍රදේශයේ මග රැක සිටි හොරොව්පොතාන පොලිස් නිලධාරින් පිරිසක් සැක කටයුතු ආකාරයට ගමන්ගත් ත්‍රි රෝද රථයක් නවතා සිදුකළ පරික්ෂාවකදී මෙම පුරා වස්තු අත් අඩංගුවට ගෙන තිබුණි.
කැටයම් කළ මංජුසාවක් සහ පුරාණයේ ඖෂධ වර්ග දැමිම සදහා භාවිතා කර ඇතැයි සැක කෙරෙන කුප්පියක මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර චීන ජාතිකයා සඳහා රුපියල් ලක්ෂ දෙකකට මේවා අලෙවි කිරීමට සුදානම් කර තිබු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.