(රොමේෂ් මධුෂංඛ)
පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.
ඩෙටනේටර් 89ක්, සේවානූල් 32, වෝටර් ජෙල් කියුබ් 8ක් සහ ඩෙටනේටර් චාර්ජස් 2ක් සොයාගත් උපකරණ වන අතර මෙම උපකරණ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා බවට යුද හමුදාව පවසයි.
නිවසේ හිමිකරු වන ෆලීම් මොහොමඩ් මොහොමඩ් රිෂාබ් නැමත්තා මේ වන විට පලා ගොස් ඇති අතර ඔහු පුල්මුඩේ රෝහලේ ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇති අතර එම සැකකරුගේ වැඩිමල් සොහොයුරු වන මෙයිනා මහම්මුදු මර්සුප් නැමත්තා යුද හමුදාව හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පුල්මුඩෙයි පොලීසිය පරික්ෂණයක් අරඹා ඇත.
අත්අඩංගුවට ගත් ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගය පුල්මුඩේ පොලීසිය වෙතට භාර දීමට යුද හමුදාව පියවර ගෙන ඇත.


