(මඩුකන්ද සිතුම් චතුරංග)
යාපනය ,පොම්බවේලි , වයි හංදිය මාර්ගය අසල පෙහොර උරයක දමා ගොස් තිබූ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (26) උදැසන සොයාගත් බව යාපනය පොලිසිය කියයි.
එම මාර්ගයේ ගමන්ගත් පුද්ගලයකු මාර්ගය ආසන්නයේ කසල ගොඩක් ආශ‍්‍රිතව සැකකටයුතු පොහොර උරයක දැක ඒ බව පොලිසිය දැනුම් දීමෙන් පසු එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයගත්තේය. සොයාගත් ගිනි අවි අතර ටි 56 වර්ගයේ ගිනිඅවි දහයක් , එම ගිනි අවියට යොදාගන්නා මැගසීන් පහක්, ජීව උණ්ඩ 300 පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එම ස්ථානයේ තිබී මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක් , අත්බෝම්බ දෙකක් සහ දුම්බෝම්බ වර්ගයේ බෝම්බ දෙකක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි කිසියම් ප‍්‍රදේශයකින් හමුවී මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකපලකරති.



