පුනරීන් වැල්ලෙන් ලයන් එයාර් මගීන් 31 ඇටකටු ගොඩගනී
කොටි මිසයිලයකින් බිම හෙලූ ලයන් එයාර් ගුවන් යානයේ ගමන් කළ 55 දෙනාගෙන් 31 දෙනකුගේ සිරුරු කොටස් සොයාගත් බව පොලීසිය කියයි. පුනරීන් වැල්ලේ වසර 14 ට කලින් සිදුවූ මේ ප්‍රහාරයේදී මියගිය අය මිහිදන් කළ ස්ථාන සොයා මුලින්ම වළවල් තුනක් හෑරූ නමුත් ඒවායින් සිරුරු සොයාගත නොහැකි විය. වළවල් හෑරීමට බැකෝ යොදා ගැණිනි.

