(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු වට්ටාපලෙයි ප්‍රදේශයේදී අද (9) පෞද්ගලික බස් රථයක් ගසක වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවිකාවන් 24 ක් රෝහල් ගත කළ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
බස් රථයේ රියදුරු අධික වේගයෙන් බස් රථය ධාවනය කොට ඇති අතර වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනක පිහිටි ගසක වැදී ඇත අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනa අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

