පුද්ගලයින් 11 ක් අතුරුදන් කිරීමේ සිද්ධියේ බුද්ධි නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්


( නිමන්ති රණසිංහ )
 
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධ සිද්ධියට අදාල නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා  තව දුරටත් ලබන  21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
 
සිද්ධියට  අදාල නඩුව අද යළි කැඳවු අවස්ථාවේදී  මෙම සැකකරුවන් සම්බන්ධයෙන්  විමර්ශන  මෙතෙක් අවසන් වී නැතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.