පුද්ගලයකුට පහර දුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් සොයයි


( ලලිත් නවරත්න.)
 
කුමාරකට්ටුව නෙලූම්කුලිය ප‍්‍රදේශයේ පොල්වත්තක වැඩපරීක්ෂක වරයෙකුගේ  නිවසකට පැන එම එහිසිටි පුද්ගලයෙකුට පහරදී වටිනා නවීන රූපවාහිනී යන්ත‍්‍රයක් කඩා බිඳදමා අතුරු දහන්වූ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුට  ගැනීමට  පරීක්ෂණ ආරම්භ කර ඇතිබව හලාවත පොලීසිය පවසයි.
 
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කුමාරකට්ටුව නෙලූම් කුලිය මැදවත්තේ වතුවැඩ පරීක්ෂක වරයාගේ පුත‍්‍රයාය.

ඉකුත් 09 දා රාත‍්‍රී පහර කෑමට ලක්වූ පුද්ගලයා කුමාරකට්ටුව  ප‍්‍රදේශයේ මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මන්ත‍්‍රීවරයා සහ තවත් ප‍්‍රදේශයේ මැරයෙකු මග රැක පහරදුන් බවත්ල  අනතුරුව තම ජීවිත බේරා ගැනීමට නිවසට දුවපැන සැගව සිටියදී එම මන්ත‍්‍රීවරයා සහ මැරයා පැමිණ නිවසේ තිබූ අගල් 52ක වටිනා වර්ණරූපවාහිනී යන්ත‍්‍රය පොලූමුගුරු වලින් ගසා කුඩුකළ බවත් අගතියට පත්වූවන් කළ පැමිණිල්ලේ සඳහන වේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ප‍්‍රදේශයේම පදිංචි විජිත රම්‍යකුමාර හෙවත් පොළගා නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මන්ත‍්‍රීවරයා ප‍්‍රදේශයෙන් අතුරු දහන්ව ඇතිබව පොලීසිය පවසයි.
 
හලාවත පොලීසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  සෙනරත් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.