ටෝනි කරුණානායක
වැලිවේරිය නැදුන්ගහහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් ගසා ඝාතනය කළ විත්තිකරුට වසර 19කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 01 වැනිදා මරණ දඬුවම නියම කළේය.
1999 වර්ශයේ ඔක්තෝම්බර් මස 6 වැනිදා හෝ ඊට ආසන්න දිනයනදී වික්‍රමආරච්චිගේ චන්ද්‍රසේන හෙවත් දාස නැමැති එවකට 52 හැවිරිදි එක් දරු පියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැලිවේරිය ඇඹරළුවේ පදිංචි ඉලංගකෝන් ආරච්චිගේ අජිත් කුමාර හෙවත් අජිත් ප්‍රේමරත්න නැමැති 53 හැවිරිදි විත්තිකරුට මරණ දඬුවම නියම කෙරුණි.
මරණ දඬුවම නියම වු චූදිතයා කසිප්පු ව්‍යාපාරයේ නියැලෙමින් සිටි ඇති බවත් මරණකරු චූදිතගේ කසිප්පු විකිණීම සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දුන්නේ යැයි යන සැකය මත එම ඝාතනය කර තිබූ බවට මහාධිකරයේදී සඳහන් විය.
හිටපු නීතිපතිවරයෙකු වන කන්දප්පා වින්නයියා කමලසබේසන් මහතා විසින් 2002 වර්ෂයේදී චූදිතට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොණු කර තිබුණි.