(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදිය මුත්තයියා පාරේදී අද(12) අලුයම රූපලාවන්‍යාගාරයක කළමනාකරුවකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කරඇත්තේ පයාගල හලප්කදවිල පදිංචිව සිටි නිමල් අනගි අත්තගේ නම් 47 හැවිරිදි අයෙකි.
එම තැනැත්තා අද කාන්තාවක සමග රූපලාවන්‍යාගාරය අසළට ත්‍රිරෝද රථයකින් පැමිණි අවස්ථාවකදී මෙම පිරිස උසුලු විසුලු කර ඇති අතර, ඔවුන් හා බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17-24 අතර පසුවන්නන් බවද, ඔවුන් නුවර, පොල්ගස්ඕවිට සහ කොම්පඤ්ඤවීදිය පදිංචිකරුවන් බවද පොලිසිය වැඩිදුරටත් කියයි.

