පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම්



(ඩී.ජී.සුගතපාල)


මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වු විත්තිකරුවන් තිදෙනෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණිය දණ්ඩනය නියම කළේය.


මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ  බෝදාදුර සුගත් කුමාර,ලියන මෙන්ඩිස් ප්‍රියන්ත,බෝදාදුර ගාමිණි ජයලත් යන විත්තිකරුවන් තිදෙනාටය.


තෙලිකඩ පොලිස් වසමට අයත් බුස්ස රෙජ්ජිපුරදි 2003 ජනවාරි 13වනදින මානම් වීරසේන නමැති පනස් දෙහැවිරිදි දෙදරු පියෙකුට කඩුවලින් , අලවංගුවලින් පොලුවලින් පහරදි ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

 

තින්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර තිබෙන බවයි.