(මනෝප්‍රිය ගුණසේකර )
මීට වසර 26 ට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඔහු ගෙල පැළැදි රන් මාලය කොල් කා පලා යාමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා මරණිය දණ්ඩනය නියම කළේය.
මරණීය දණ්ඩනයට අමතරව වසර 10 කදී වසර 40 ක සිර දඬුවම් නියම කර ඒ වසර 10 කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියෝග කළ විනිසුරුවරයා රුපියල් 40000 ක දඩයකටද ඔහු යටත් කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ මීගමුව කොච්චිකඩේ පදිංචි මලිත් ද සිල්වා නැමැත්තකුටය.