මාතර කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් හයක් ධාවනය වීමෙන් පසු ධාවනය නතර කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදු විය.
පෞද්ගලික බස් වලට එම අවස්ථාව නොදී ලංගමයට පමණක් දුන්නැයි සීමාසහිත මාතර මගී ප්‍රවාහන සමාගම හා පෞද්ගලික බස් රථ හිමියෝ පිරිසක් විරෝධය දැක්වීම ඊට හේතුව විය.
තැපැල් නියෝජ්‍ය අමාත්‍යය සනත් ජයසුරිය මහතාගේ පෞද්ගලික ලේකම් චන්දන ජයසුරිය මහතා දැනුම් දුන්නේ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා තෙක් ලංගම බස් ධාවනය නොකරන ලෙසයි.

