ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාරදීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් මහියංගණයේ සිට නීති විරෝධී පෙළපාළියකින් පැමිණි බව කැෆේ සංවිධානය කියයි.
මෙම පෙළපාළියට රථවාහන 80 ක් හෝ ඊට වැඩි ගණනක් පැමිණි බවත්, අද පෙරවරුවේ මැතිවරණ නිලධාරීන් පිරිසකට බාධා කළ බව කියන පිරිසක් එහි සිටින බවත් එම සංවිධානය කියයි.
මැතිවරණ කොමසාරිස් නියෝග සහ බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝග නොතකා පක්ෂ සලකුණු සහිත ධජ සහිතව රැස්වී සිටින මෙම පිරිස ඉක්මණින් විසුරුවන්නැයි කැෆේ සංවිධානය පොලිසියෙන් ඉල්ලා සිටියේය.

