පුතා හදාගන්න මූණ පුළුස්සයි


හත් හැවිරිදි පුතා කඩයකින් ආප්ප සොරා කෑවේ යැයි කියමින් ඔහු ඇඳක බැඳ ගිනිපෙනෙල්ලකින් මුහුණ පිළිස්සූ බව කියන දෙදරු මවක ලබන අඟහරුවාදා (2) වන තුරු රිමාන්ඞ් කරන්නැයි රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් එම්.එස්. ප‍්‍රියානි මෙනෙවිය නියෝග කළාය. උඩකරවිට පදිංචි මේ මව දෙවැනි විවාහයක් කැරගෙන සිටින්නීය. පුතාට දඬුවම් දී ඇත්තේ ඔහු හොඳ මිනිසකු කැර ගැනීමේ අදහසින් බව කියා ඇතැයි ද පොලිසිය අධිකරණයට කීය.