පුතා හදාගත් ගුණේ තියයි


වාද්දූවේ වේරගම  77 හැවිරිදි කතක පොල්ලකින් ගසා මරා දැමීයැයි දරුකමට හදා ගත් 41 හැවිරිදි පුද්ගලයකු පොල්ලක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දූව පොලිසිය කියයි. ඔහු එම කාන්තාවගේ සැමියාට ද පහරදුන් බවට පැමිණිලි කර ඇත. සැකකරු අසනීපයකට බෙහෙත් ගනිමින් සිටි බව කියති.