පුතා මව් කිරි බිව් ගුණේ තියයි


සිය මහළු මව්පියන්ට  පහරදී , මවගේ ගෙළ මිරිකා බිම දිගේ ඇදගෙන ගොස් දෙදෙනාම නිවසේ කාමරයක්  සිරකර මරණීය තර්ජනය කළැයි කියන රොබට් රසල් රොඩ්රිගු නම් පුතෙක්  ජනවාරි 31 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

 මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක දොරගුළු ලා සිරකර සිටි මව්පියන් මුදාගත් ගල්කිස්ස පොලීසිය 64 හැවිරිදි මවගේ පැමිණිල්ලක් අනුව සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇත.