පුතා මරා මව සිය දිවි හානි කරගනී


(රංජිත් රාජපක්ෂ)      
                                                                    
දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ තරුණ මවක් තම හත්මස් වියැති සිගිති පුතාගේ ගෙළ සිර කර ඝාතනය කර ඇයද  සිය දිවි හානි කරගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
 
මෙසේ මියගොස් ඇත්තේ කිට්නසාමි නිත්‍යකල්යානි නැමති  26 හැවිරිදි කාන්තාවකි.
 
ඝාතනය කර ඇත්තේ සන්දිපන් අස්විනන් නැමති මාස 7 වයසැති පිරිමි දරුවෙකි.
 
පවුලේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් අද (27) අලුයම් කාලයේ මෙම කාන්තාව සිය බිළිදා ඝාතනය කර නිවසින් පිටතට  පැමිණ දිවි හානි කරගෙන ඇති බවයි දිඹුල  පොලිසිය විසින් සිදු කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
 
ඇගේ  සැමියා උල් ආයුධයකින් ඇණ ගෙන තුවාල ලබා ඇති බවත්, තුවාල කරු කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා නුවරඑළිය  මුලික රෝහල වෙත මාරු කර යැවු බව දිඹුල පොලිසිය පැවසිය.


ඝාතන සහ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණ පැවැත් විමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.