පුත්ලම් හන්දියේ ගොවීන්ට පොහොර


ජයරත්න වික්‍රමාරච්චි

පැවැති දැඩි නියගය හේතුවෙන් කන්න තුනක පමණ කාලයක් පුරන් වී තිබූ  කුඹුරු මෙවර මහ කන්නයේ දී ලද දියවරෙන් මහත් පරිශ්‍රමයක් දරා කඩිනමින් වගා කළද ඒ සදහා කලට වේලාවට පොහොර නොළැබීමෙන් ගොවීහු මහත් අසීරුතාවට පත්වී සිටියහ. එවන් තත්ත්වයක් තිබියදී රජරට ගොවීන් පිරිසකට සීමිත ප්‍රමාණයකින් යූරියා පොහොර මිලදී ගැනීමේ අවස්ථාවක් රාජාංගනය දකුණ ඉවුර පුත්තලම් හන්දිය ගොවිජන සේවා අලෙවි මධ්‍යස්ථානයේදී ලැබිණ. 


මෙහිදී එක් ගොවි මහතෙකුට කිලෝ 50 ක යූරියා මිටි 2 ක් මිලදී ගත හැකිව තිබූ අතර ඒ සදහා තම හැදුනුම්පතද ඉදිරිපත් කළ යුතු විය. ඒ පිළිබදව කළ සොයා බැලීමේ දී අනාවරණය වූයේ ලැබුණු සීමිත පොහොර ප්‍රමාණය ගොවීන් වැඩි පිරිසකට සමසේ බෙදාදීමට අවශ්‍ය නිසා වගකිව යුත්තන් එවැනි ක්‍රමවේදයක් අනුගමනයකර ඇති බවයි. 


ඒ ආකාරයට එම ස්ථානයෙන් පොහොර මිටි 300 ක් ද, එම ප්‍රදේශයට අයත් ගොවි සංවිධානයක් හරහා තවත් පොහොර මිටි 200ක් ද බෙදා දීමට නියමිතව තිබූ බවත් එහි දී අනාවරණය විය.


යූරියා පොහොර ඉසීමට ප්‍රමාද වී තිබීම හේතුවෙන් ඇතැම් කුඹුරුයායවල තැන තැන ගොයම කහ පැහැ ගැන්වී තිබේ. මේ නිසා මෙවර එම කුඹුරුයායවල සාර්ථක වී අස්වැන්නක් නොලැබීමේ අවදානමක් ඇති වී තිබෙන බවද ගොවීහු කියති.