පුත්තු ස්විස් රටේ : පියා කේරළ ගංජා අදී


ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මෙරටට රැගෙන ආ  රුපියල් ලක්ෂ හැටක පමණ වෙළද පොළ වටිනාකම ඇති කේරල ගංජා කිලෝග්‍රැම් තිහක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනකු  කොඩිකාමම්, මිරුසවිල් කැලේදී අත්අඩංගුවට ගැනිමට කොළඹ සුරාබදු අපරාධ අංශයේ කණඩායමක් සමත් වු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පුෂ්පකුමර සිල්වා මහතා පවසයි.

සුරාබදු නිලධාරින් දින කීහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් පසුව මෙම වැටලිම සිදුකර ඇත.

සුරාබදු නිලධාරියකු ව්‍යාජ ගැනුම්කරුවකු ලෙස යොදවා තවත් තැරැව්කරුවකු මාර්ගයෙන් සැකකරුවන් ගෙන් ගංජා ඇනවුම් කර ඇත. ඒ අනුව ගංජා කිලෝවක් රුපියල් ලක්ෂ එකහමාර බැගින් ගංජා කිලෝ ග්‍රෑම් විසි පහක් අඩංගු පාර්සල් දහයක් මිරුසවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මිටර් හතක් පමණ ඈතින් වු කැලෑවකදි වෙස්වලාගත් සුරාබදු නිලධාරියාට විකිණිමට යාමේදි අවට කැලෑවේ සිටි සුරාබදු නිලධරයෝ සැකකරුවන් දෙදෙනා ගංජා තොගය සමග අත් අඩංගුවට ගෙන ඇත.

ඝන වනාන්තරයේ පොළව යට වළලා තිබු තවත් ගංජා  පාර්සල් තුනක්ද ගොඩගෙන තිබේ.

මෙම ගංජා අඩංගු පාර්සල්  වලට ජලයෙන් හානි නොවන ලෙස අසුරා තිබි ඇත. ඉන්දියාවේ මදුරේ “සම්මියාර්“ නමින් හදුන්වන අයකු විසින්  රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට ධිවර යාත්‍රා මගින් මෙරට මුහුදු සිමාව දක්වා ගංජා එවන බවත් පේදුරුතුඩුව, තොන්ඩමනාරු, වැල්වැටිතුරේ ආශ්‍රිත මුහුදු  තිරයේ පොලව යට ද සගවා තබන බවත් කියති.

සැකකරුවන් පේදුරුතුඩුව, තොන්ඩමාන් නගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 සහ 47 වසසේ පසු වේ.

වයස අවුරුදු 61 වයසේ පසුවන සැකකරුගේ දරුවන් තිදෙනාම යුරෝපා රටවල ස්ථිර පදිංචිකරුවන් බවත් ඔහු මීට පෙර වසර 5 ක් ස්විට්සර්ලන්තයේ පදිංචිව සිට වෘත්තියෙන් නාවිකයකු ලෙස සේවය කළ බවත් සුරාබදු නිලධාරින් ඉදිරියේ කියා ඇත. අනෙක් සැකකරු පස් දරු පියෙකි. ධීවරයෙකි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා ගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්  ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවිමෙන්  සුරාබදු අධිකාරි රොහාන් විජේරත්න මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ සුරාබදු වැටලිම් ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්.ලැම්බට්, සුරාබදු පරිකෂක වරුන් වන  උපුල් සෙනවිරත්න, වජිර විජේසිංහ, එම්.ජයන්ත.ද.සිල්වා, ඒ.ටි.විරමන්, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි. සුරාබදු නියමක අසංක කල්‍යාණප්‍රිය සහ අරුණසිරි චන්ද්‍රසේකර යන මහත්වරු වැටලීම කළහ.

IMG_20151021_02015102284609 IMG_20151021_20151022085228 IMG_20151021_20151022103057 IMG_20151021_20151022105013 IMG_20151021_20151022122634

(විඩියෝ දිපාල් ද සිල්වා)