පුත්තලම අඩවි වන කාර්යාලයට අයත් අලුත්ගම 17 කණුව ඉහළ පුළියන්කුලම - ඉපලෝගම රක්ෂිතයේ ගින්නකින් හෙක්ටයාර් 20 වැඩි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම වන සංරක්ෂණ කාර්යාලය පවසයි.
සුළඟ සමඟ ගින්න ශිඝ්‍රයෙන් පැතිරී ගොස් ඇති අතර වන සංරක්ෂණ දෙපාර්මේන්තුව,පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය , සාලියවැව පොලීසිය හා ප්‍රදේශවාසීහු එක්වී නිවා ගත්හ.





