(එච්.චන්දන)
පුත්තලම - එළුවන්කුළ මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන , වසා තිබූ කඩයක වැදී පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලේ ඇතුලත් කළ බව පුත්තලම පොලීසිය කියයි.
කරතිව් සිට පුත්තලම අද උදෑසන (23) පැමිණෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැණ අසල වසා ඇති වෙළද සැලක වැදී ඇත. සිද්ධියෙන් පාසල් දරුවන් දෙදෙනකු ද තුවාල ලැබු පිරිස අතර වෙති.




