ජුඩ් සමන්ත
පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාළි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කර තිබුනත් අද සවස පුත්තලමේදී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම
දක්නට ලැබුණි.
එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අපේක්ෂකයින්ද තම ආධාරකරුවන් සමග රථ වාහන පෙළපාලි වලින් ගමන් කරන අයුරු දක්නට ලැබුණි. පොදු ජන පෙරමුනේ ආධාරකරුවෝ නෙළුම් පොහොට්ටු අතින් ගෙන මෙම පෙළපාලියට එක්ව සිටියහ.
ඇතැම් ස්ථාන වලදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සෙසු වාහන නවතා පෙළපාලියේ ගිය වාහන වලට ඉඩ ලබා දීමද විශේෂත්වයකි.





