පුත්තලමේ පුද්ගලයන් 38163ක් අවතැන්


(එච්. චන්දන)


වැසි සහිත කාළගුණික තත්වය නිසා  පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට පුද්ගලයින් 38163 දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් . එච් .  චිත්‍රානන්ද මහතා පවසයි.

දිස්ත්‍රික් ආපදා අංශ මගින් අද (27) උදෑසන  ලබා ගත් වාර්තා  අනුව  මේ ආපදා තත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරී කොට්ඨාස 237 , පවුල් 10538 දෙනකුට මේ වන විට  බලපා ඇති අතර ආරක්ෂක ස්ථාන 93 තුළ මේ අය වෙනුවෙන් පීසු ආහාර ලබා දී  සහන සලසා තිබේ.


දැනට දිස්ත්‍රික්කයේ ඇති කුඩා වැව් සියල්ල වාන් දමන බවත්, කිහිපයක් කෑඩී යාමේ අවධානයක් තිබූ අතර එවාටද , යුද හමුදාව , නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා පිළියම් යෙදූ බවත් , තබ්බෝව ජලාශවල විවෘත කළ වාන් දොරටු සියල්ල ඊයේ (26) අලුයම වන විට වසා දමා ජලය රඳවා යාමට පාලනය කළ බවත් , උඩප්පුව මෝය කට කපා මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට බලපා තිබු ගං වතුර තත්වය පානය කළ බවත් , දිස්ත්‍රික්කයේ වාරි අමුණු , ඇළවල් රැසක් ජල ගැලීමෙන් කඩා ගෙන ගොස් ඇති බවට වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.


තවමත් වැඩිම පිරිසක් අවතැන් වී ඇත්තේ  නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන අතර පුද්ගලයින්  11256 දැනට මෙහි මෙහි අවතැන් වී ඇති බවත් තවමත් උඩුබද්දාව - කුලියාපිටිය මාර්ගය හා තුම්මෝදර ප්‍රදේශය ජලයෙන්  යටවී ගමනාගමනයට බධා ඇති වී ඇති බවත් ඔහු සඳහන් කළේය. 

ප්‍රදේශ ගණනාවක ජල මට්ටම බැස ගොස් ඇති නමුත් ඉදිරියේ දී වර්ෂා තත්වය උදා නොවුණ හොත්  දිස්ත්‍රික්කයේ තත්වය සාමාන්‍ය අතට හැරෙන බව දිස්ත්‍රික් ලේකම් වරයා  විශ්වාසය පළ කළේය.